06/09/2025
උදව් ඕනෙ කිව්වා.. ගාල කඩාගෙන එතනට එකතු වුනා..
ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා.. කඹ දාගෙන පල්ලම බැස්සා..
තුවාල මිනිස්සු උඩට අරන් යන්න බැ කිව්වා.. ගල් පෙරලගෙන කඹ දිගේ උඩට ඇද්දා..
ලයිට් නැ කලුවරයි කිව්වා..දුර ඉදන් ෆ්ලැශර් පවා ගහන්න ගත්තා...
අන්තිමට මැරුණු මිනිස්සුන්ගේ මිනිය තමන්ගෙ කරේ එල්ලගෙන උඩට එනවා..🥹
මේ දූපත දාල යන්න නොහිතෙන හේතුව මොකක්ද කියල මගෙන් ඇහුවොත් මුලින්ම මතක් වෙන හේතුව තමයි මේ....
මරණෙදිවත් අතාරින්නැති ලංකාවෙ මිනිස්සු ❤️❤️